හෙලයේ සැඟවුණු රහස්(සරස්වතී තෙල්)
සරස්වතී තෙල්
https://www.youtube.com/watch?v=V7gZfa_0zf0
සරස්වතී තෙල් නම ඇසූ පමණින් අපගේ මතකයට එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැළඳු මහා සරස්වතී තෙල් පිළිබඳ වය.එහෙත් අතීතයේ හෙලයේ සෑම නිවසකම පාහේ මෙවැනි ධාරණය සිටීමට සරස්වතී වට්ටෝරු රාශියක් තිබුණි.එවැනි පහසු වෙන් ඔබටම සෑදිය හැකි සරස්වතී තෙල් වට්ටෝරු බොහොමයකි.
එවැනි වට්ටෝරු 2 ක් ගැන අද දවසේ මම ඔබට ලියන්නම්.
සරස්වතී 1 වට්ටෝරුව
මේ සඳහා ප්‍රධාන වශයෙන් ඖෂධ ස්වරස 4 ක් අවශ්‍ය වේ.
ඒවා නම්,
දෙමට මුල් යුශ(ඇත් දෙමට),පිච්ච කොල(වල් පිච්ච),අඬ හැර කොල, ඔළිද කොළ,වැල් (එල ඔලිඳ ) යන ද්‍රව්‍ය වල ස්වරස පත පත ගෙන
මීට කල්ක වශයෙන්,
වැල් මී,කොට්ටං(සුවඳ කොට්ටං),ත්‍රිවර්ග(සාදික්කා,වසාවාසි,කරාබු නැටි),තිප්පිලි,කයිප්පු කලද කලද ගෙන අබරා ස්වරසට (ඖෂධ වල ඉස්ම) වලට දමා පසුව කොහොඹ තෙල් මනාවක් දැමිය යුතුය.මෙය මුදු පදමට බා පෙරා ගත යුතුය.
ඉන් පසු මෙම සරස්වතී තෙල් සරස්වතී මන්ත්‍ර වලින් ජීවම් කර ගත යුතුය.
මෙම සරස්වතී තෙල් වල ගුණ මෙසේ සඳහන් වේ.
වින් කළ ගොළු බව නසා ධාරණය සිටින්ඩ,ප්‍රඥාව ට,හෘදය ශුද්ධ වීමට යන කරුණු මෙම තෙල් මගින් සිදු වේ.
සරස්වතී 2වට්ටෝරුව වෙනි
මෙම වට්ටෝරුව නම් තරමක් සෑදීමට අපහසුය.අවශ්‍ය ද්‍රව්‍ය පහත පරිදිය.
එළ ඔලිද යුෂ බෝතල් 1,ලුනුවිල යුෂ බෝතල් 1,වැටකේ යුෂ බෝතල් 1,අරලු ගෙඩි රාත්තල් ½,කලු උක් පැණි බෝතල් 1,කීකිරිඳිය යුෂ බෝතල් ½,තල තෙල් බෝතල් 1,පිනිදිය බෝතල් 1,එලගි තෙල් බෝතල් 1/2කිරි බදු යුෂ බෝතල් ½
මෙකී ඖෂධ තබ වළඳකට දමා ලිප තබන්න.
මීට කල්ක වශයෙන්,
සුදු හදුන්,රත් හදුන්,කුරුදු පොතු,කොට්ටන්,දේවදාර,කොල්ලන් මල්,කපුරු,උරුලෑ සට්ටං,සුවද හොට,ඉරි වේරිය,කට්ටකුමන්ජල්,නාමල් රේනු,සපුමල්, වසා වාසි,සාදික්කා,කරාබු නැටි,ගේ කුරුලු බිත්තර පොතු,මීනම්බර යන ඖෂධ කලං 1/4 බැගින් කුඩු කර එකට අඹරා සීනි කලන් 18 එයට දමා නැවත අඹරා ගත යුතු ය .මෙය මද ගින්නේ දෙදවසක් කකාරා පදමට බා ගත යුතුය.
විශේෂ කරුණු.
1) සාදන පුද්ගලයන් පුරුෂ පාර්ශවය විය යුතු අතර ඔවුන් අවමය දින 21 ක කාලයක් වත් පේ විය යුතුය. (නිර්මාංශව ව,කිලි වලින් වැළකී සිටීම ,බ්‍රහ්මචාරීව වැනි කරුණු)ආහාර පිළියෙල කිරීම ද පිරිමි පාර්ශවය විසින් කළ යුතුය.
2) උඩු වියන් බැද ආරක්ෂාවක් දමා කටයුතු ආරම්භ කළ යුතුය.
3) තඹ මුට්ටියක් සහ කුරුඳු දර පාවිච්චි කළ යුතුය.
4) නක්ෂත්‍ර නුකූලව සුභ වෙලාවක් බලා(සරස්වතී යෝගය තියෙන) පටන් ගත යුතුය.
5) තෙල් ලිප තබා අවසානය දක්වා සරස්වතී ගයත්‍රි,මන්ත්‍ර නිතරම ඇසෙන වටපිටාවක් සකස් කරගත යුතුය.
ජීවම් කර ගත යුතු ආකාරය පසුව ලිපියකින් බලාපොරොත්තු වන්න..

