ගුප්ත විද්‍යාවදෙවියන් සම්බන්ධ ලිපි

විෂ්ණු දෙවියන්

ඉතා බලවත් මහේශාක්‍ය මධ්‍ය දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිදුන් ඉන්ද්‍ර දෙවිදුන්ට පමණක් දෙවැනි වන නිසාවෙන් උපේන්ද්‍ර නමින්ද හඳුන්වනු ලබයි. විෂ්ණු දෙවියන් ලංකාවේ අදටත් අදහන මෙන්ම මහත් වූ පුද පූජා සත්කාර ලබන පැරණිම දෙවියන් ලෙස පෙන්වා දිය හැක. විෂ්ණු දෙවිඳුන් උපුල්වන් දෙවිඳුන්, උත්පල වර්ණ දෙවිඳුන් ආදී කොට ඇති පර්යාය නාම ගණනාවකින් හඳුන්වනු ලබයි. හින්දු භක්තිකයන්ට අනුව බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර යන ත්‍රි මුර්තියෙන් එක් මුර්තියක් වූ විෂ්ණු දෙවිඳු සමස්ත ලෝකයේත් සියලු සත්වයාගේත් පැවැත්ම සුරකිනු ලබයි.


විෂ්ණු දෙවියන් වනාහී මනු ලොව කලින් කල විවිධ ස්වරූපයෙන් පැනනගිනා අධර්මය නැතිකර ධර්මය ලොව ස්ථාපිත කිරීමට මහත් වූ පරිශ්‍රමයක් දරන දෙවි කෙනකු අතීතයේ මෙන්ම අදටත් උන්වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහත් වූ කරුණාවෙන් අධර්මය පරාජයකිරීමට වෙහෙසේ. අධර්මය නසනු වස් පුරාණ පොත පතට අනුව විෂ්ණු දෙවිඳුන් අවතාර 20 ක් දැරූ බව සඳහන්ය. ඒ එසේ මුත් වත්මන් බහුල භාවිතයේ ප්‍රකටව ඇත්තේ නාමිකව අවතාර දහයක් දැරූ ලෙසය. එය විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාරය ලෙස හඳුන්වයි. එම දස අවතාරය නාමිකව මෙසේය.
1. මත්ස්‍ය, 2. කූර්ම, 3. වරාහා, 4. නාරසිංහ, 5. වාමන, 6. පරුශුරාම, 7. රාම, 8. කෘෂ්ණ, 9. බුද්ධ, 10. කල්ක්‍ය
නිල්වන්වූ ශරීර වර්ණයෙන් බබලන ගුරුලා පිට විරාජමාන රූපශ්‍රියෙන් අග්‍ර වූ ශ්‍රියා කාන්තාව භාර්යාව වන විෂ්ණු දෙවිඳුන් තුන් වරක් දෙව් ලොවින් මනු ලොවට වැඩම කළ බව කියවේ. විශේෂයෙන් විෂ්ණු දෙවිඳුන් තුන් ලෝකයක් සනසා වදාල අප ගෞතම බුදුන් වහන්සේට මහත් වූ භක්තියෙන් වැදුම් පිදුම් කළ බවත් උතුම් වූ බුද්ධත්වයට පත් වන විට එම බුද්ධ රාජ්‍යයට පත්වීමට බාදා කිරීමට පැමිණි දසබිම්බරක් වූ මාර සෙනග පලවා හැරි බවත් ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකා ග්‍රන්ථවල සඳහන්ය.
මහා කරුණාවෙන් අගතැන්පත් දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් සියලු සත්වයන්ට පිහිට උපකාර වන උත්තමයෙකි. ඉහතදී සඳහන් කිරීමට යෙදුන දස අවතාරය දරා ගත්තේද උන්වහන්සේ හුදෙක් අන්‍ය හිත සුව පිනිසමය. උක්ත දස අවතාරය පුරාණ පත පොතට අනුව සංශිප්තව මෙසේය.
1. මතස්‍ය අවතාරය
මතස්‍ය අවතාරය යනු මාලුවකුගේ වේෂයක් මවා ගත් අවතාරයකි. මෙකී අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ පළමුවර දරාගත් අවතාරය වේ. මෙම මතස්‍ය අවතාරය දරා ගත්තේ මහ මුහුද ගොඩගලා සප්ත මහා ඍෂි උතුමන්ද සමස්ත වේදය ද සමුද්‍ර ජලයේ ගිලුනු අවස්ථාවේ එම ඍෂි උතුමනුත් වේදයන් බේරා සුරක්‍ෂිත කිරීමටය. මේ සඳහා විෂ්ණු දිව්‍ය රාජයන් අති විශාල මත්ස්‍ය රුවක් මවාගත් බව කියවේ.
2. කුර්ම අවතාරය
කුර්ම අවතාරය යනු ඉදිබුවකුගේ වේෂයක් මවා ගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම කුර්ම අවතාරය දරාගත්තේ පෘථිවිය ජලයේ ගිලී ගිය අවස්ථාවේ එය බේරා ගැනීමටය. මේ සඳහා විශාල ඉදිබුවකුගේ රුවක් උන්වහන්සේ දරාගත් බව සඳහන්ය. එපමණක් නොව ජල ගැලීමෙන් පෘථිවිය ගිලී යාම නිසා නැති වූ අමෘතය සොයනු වස්ද මහ මුහුද යටට කිමිදී විශ්ව ශක්තිය පෙන්වීම උදෙසාද මෙකී අවතාරය මහෝපකාරී විණි.
3. වරාහා අවතාරය
වරාහා අවතාරය යනු ඌරකුගේ වේෂයක් මවාගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම වරාහා අවතාරය දරා ගන්නේ මහ පොලව සමුද්‍රය තුළට ගිලී ගිය අවස්ථාවේය. එහිදී දරාගත් වරාහා අවතාරයේ ඇති දලයෙන් ඇන පෘථිවිය සාගර ජලයෙන් ඔසවා තැබූ බව සඳහන්ය.
4. නාරසිංහ අවතාරය
නාරසිංහ අවතාරය යනු මනුෂ්‍ය හා සිංහ රුව කලවම් වූ දෙබිඩි රුවකි. විෂ්ණු දෙවිඳුන් මෙකී අවතාරය දරා ගත්තේ ‘හිරන්‍ය ක්‍ෂි්‍යු’ නම් අසුරයා පරාජය කිරීමටය. එහිදී විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය ආධාරයෙන් එකී අසුරයා බියගන්වා පලවා හැරි බව සඳහන්ය.
5. වාමන අවතාරය
විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය දරා ගත්තේ බලී නම් අසුරයාගෙන් ස්වර්ග රාජ්‍යය බේරා ගැනීමටය. මෙහිදී උන්වහන්සේ තම ශරීරය අසාමාන්‍ය ලෙස අති විශාල කර ගනිමින් මුළු මහත් විශ්වය වසා පැතිරී සිටියහ. එම අවස්ථාවේ එකී දර්ශනය දුටු බලී නම් අසුරයා මහත් වූ බියට පත්වී පාතාලය බලා පසුබැසි බව සඳහන්ය. මේ අයුරින් මවාගත් අසාමාන්‍ය විශාල රුව වාමන අවතාරය නම් වේ.
6. පරුශුරාම අවතාරය
විෂ්ණු දෙවිඳුන් තම හස්තයේ පොරවක් දරාගත් අවතාරයක් දරා ගත්තේ මිහිතලයෙන් ක්‍ෂත්‍රියන් විනාශ කිරීම සඳහා මෙන්ම ‘ජමදගනී’ නම් බමුණාගේ වස්තුව කොල්ල කෑ ‘කාර්තී වීර්‍ය’ නම් වූ රජු මරා දැමීමටය.
7. රාම අවතාරය
රාම රාවනා කථා පුවත අනුව රාවනා රජු විනාශ කිරීමට විෂ්ණු දෙවිඳුන් රාම නම් වූ අවතාරය දරා ගන්නා ලදී.
8.කෘෂ්ණ අවතාරය
සමස්ත පෘථිවි තලයෙන් අධර්මය දුරු කර ධාර්මික සමාජයක් බිහි කිරීමට සේම රාධා ක්‍රිෂ්ණා පෙම් යුවල හා එක්ව කංසා රජු පරාජය කර ‘ද්වාරක’ නම් වූ රාජ්‍ය ගොඩනැගීමට ද විෂ්ණු දෙවිඳුන් කෘෂ්ණ අවතාරය දරා ගත්හ.
9. බුද්ධ අවතාරය
විශේෂයෙන් සත්ව හිංසනය පරපන නැසීම හා අනේක විධ අපරාධ පිටුදැක මැඬලීම උදෙසා විෂ්ණු දෙවිඳුන් බුද්ධ නම්වූ අවතාරය දරාගත් බව සඳහන්ය. මෙකී අවතාරයට හිමි බුද්ධ රූප උදෙසා හින්දු භක්තිකයන් අදටත් පුද පූජා පවත්වනු දැකිය හැක. ඒ හින්දු භක්තිකයන් බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්ම යැයි විශ්වාස කරන බැවිනි.
10. කලස්‍ය අවතාරය
මෙකී අවතාරය මතු අනාගතයේ විෂ්ණු දෙවිඳුන් විසින් දරාගනු ලබන අවතාරයකි. ඒත් මහා යුගයකට පවතිනා උප යුග සතර අතුරින් නරක උප යුගය වූ කලී යුගය අවසානයේ ලෝ වැසි ජනී ජනයා අසාමාන්‍ය ලෙස අධර්මිෂ්ඨ වී ධර්මය වැනසී යන නිසාවෙන් එම ජනී ජනයාගේ අකුසල මැඩ පවත්වා යලිත් ධර්මය ලොවෙහි ස්ථාපිත කරනු වස් ද අතලොස්සක්ව ඉතිරිව සිටි ධාර්මික සත්පුරුෂ ජනයා රක්‍ෂා කරනු වස්ද ශ්‍රී විෂ්ණු දෙවිඳුන් කලස්‍ය නම් වූ අවතාරය දරා ගනු ලබයි.
විෂ්ණු දෙවියන්ට හින්දු භක්තිකයන් මහත් පූජනීය තත්ත්වයෙන් පුද පූජා පවත්වන වා සේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ද විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වා බාරහාර වනු දැකිය හැක. එහිදී විෂ්ණු දෙවිඳුන් වෙනුවෙන්ම විශේෂ දේව පූජා සකස් කරනු දැකිය හැකිය. එහිදී නිල් තිර රෙදි, නිල් මල් මාලා, නිල් කටරොඩු, නිල් මානෙල් වැනි ද්‍රව්‍ය විශේෂයෙන්ම යොදාගනු දැකිය හැක. එසේම විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදනු ලබන පූජා වට්ටියේ පලතුරු වර්ග 7 ක් ගෙඩි පූජාවක් සේ තැබිය යුතුය. ඒ ගෙඩි පූජාව කැබලි පූජාවට වඩා ප්‍රතිඵලදායක මෙන්ම අර්ථවත් බැවිනි. මෙහිදී මෙම පූජා වට්ටිය සඳහා ඇස්ස කපා සිදුරු කළ තැඹිලි ගෙඩියක් මුඞ්ඩ සහිත පෙරන් ගෑ පොල් ගෙඩියක් තැබිය යුතු අතර ඊට අතිරේකව එලඟිතෙල් පහනක්, කපුරු පෙති, හඳුන්කූරු හා බුලත් ආදිය තැබිය යුතුය. මේ සියල්ලට අතිරේකව එම පූජා වට්ටියටම පිරිසිදුව පිසගත් කිරිබත් කෝප්පයක්ද තැබීම ඉතා යෝග්‍යය.
විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වා බාර හාර වීම තුළ මනුෂ්‍යයන්ට බොහෝ ඵල ප්‍රයෝජන ලැබිය හැක. ඒ අතර ධන සම්පත් යස ඉසුරු ලැබීම රැකියා ව්‍යාපාර ආදියේ දියුනුව අධ්‍යාපන කටයුතු වැඩිදියුණු වීම ලෙඩ රෝග ආදියෙන් ආරක්‍ෂාව මෙන්ම සතුරු කරදර පීඩා ආදියෙන් ආරක්‍ෂාව ආදී මෙකී නොකී බොහෝ දේ හුවා දක්වාලිය හැකිය.
විශේෂයෙන් දෛනිකව විෂ්ණු දෙවිඳුන් උදෙසා පහන් දල්වා පුද පූජා පවත්වන්නන් හට විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට සරණ ආරක්‍ෂාව නිරන්තර හිමිය. විශේෂයෙන්ම තම ඉෂ්ඨ දේවතාවා මෙන්ම පාලන දේවතාවා විෂ්ණු දෙවියන් වන මිථුන, කන්‍යා, මකර, කුම්භ, මීන යන ලග්න හිමි ජන්මීන්ට මෙසේ වත් පිළිවෙත් සිදු කිරීම ඉතාම ප්‍රතිඵලදායකය. සාමාන්‍යයෙන් සියලු දෙවියන් උදෙසා රාත්‍රි 10 න් පසුව පහන් දල්වනුලබන අතර පුරාණ සම්මතයට අනුව විෂ්ණු දෙවියන් උදෙසා පහන් දැල්වීමට නිර්දේශ කර ඇති වේලාව වනුයේ මධ්‍යම රාත්‍රි 12.12 සිට මධ්‍යම රාත්‍රි 12.24 දක්වාය.
අසීමිත කරුනා දයා පෙරදැරිව මහා බල සම්පන්න වූ අපවත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රක්‍ෂා කරන ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ඔබ කවර හෝ සුලු පිනක් කල ද එය භක්තියෙන් යුතුව අනුමෝදන් කිරීමට වගබලා ගන්න. එතුළින් ඔබට සෙතක් ශාන්තියක් යහපතක් උදාවනු නියතය. එය ඔබටම ප්‍රායෝගිකව අත්විදිය හැකි පරම සත්‍යයක් බවද කිව යුතුමය.

ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරමින් ආගම් භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන අසරණ ජනතාව මුහුණපාන්නා වූ දුක්‌ කරදරවලට විසඳුම් ලබාදෙමින් සහනය ග්‍රහදොස්‌ බාධක දුරුවෙන්න
උදාකරන්නා වූ දේවාත්මයක්‌ ලෙසින් බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවයටත් භක්‌ත්‍යාදරයටත් පාත්‍ර වී ඇති එකම වෛදික දේවාත්මය ශ්‍රී විෂ්ණු දෙවියන්ය.
බුදුරජාණන් වහන්සේට ඉතාමත් සමීපස්‌ථ දේවාත්මයක්‌ වන ශ්‍රී විෂ්ණු දෙවියන් අප මහා තථාගතයන් වහන්සේගෙන් දහම් ඇසීමට යොමු වී සිටි බෞද්ධ දෙවි කෙනෙකු බවත් ලංකාරක්‍ෂාව සඳහා විජය රජුගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බවත් මහාවංශ කතාපුවතින් හෙළිදරව් වේ.
පිරිනිවන් පෑමට සුදුසු කාලය එළඹ ඇති බව තීරණය කළ බුදුරජාණන් වහන්සේ මාගේ ඇවෑමෙන් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන්නැයි සක්‌ දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේ සක්‌ දෙවිඳුන් එම කාර්යය මහා විෂ්ණු දෙවියන්ට භාර කළ බවත් විජය රජු ප්‍රධාන පිරිස ලක්‌දිවට ගොඩ බට අවස්‌ථාවේ පිරිත් පැන් ඉස පිරිත් නූල් අතේ බැඳ ආරක්‍ෂාව සැලසූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
එදා සිට අද දක්‌වා සියලු බැතිමතුන් එම විශ්වාසය මත පිහිටා තමන් වෙත පැමිණෙන සියලු ග්‍රහ දොස්‌ හා කරදර බාධක වලින් මිදීමට ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශාන්තිය බලාපොරොත්තුවෙන් විවිධ පුද පූජා තබා කරන ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරදෙන මහා බලවත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාගේ පිහිට ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබටද ඒ සඳහා මෙසේ යොමු වීමෙන් යහපත උදාකර ගත හැකිය.
ශනි දින ශනි හෝරාව තෝරාගෙන (උදෑසන 6-7 අතර) ප්‍රථමයෙන්ම මල් පහන් සුවඳ දුම් පූජා කර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බුදුන් වැඳ සෙත් පිරිත් සඡ්Cධායනා කර විෂ්ණු දෙවියන් උදෙසා නිල්මල් ගිතෙල් හෝ රන්තැඹිලි තෙල් පහනක්‌ සුවඳදුම් හා පත්‍ර පූජාවක්‌ ලෙස මදුරුතලා කොළ මාලයක්‌ පූජා කර වන්දනා මාන කර පිං අනුමෝදන් කර ඔබ වෙත පැමිණ ඇති කරදර බාධක ග්‍රහ දොස්‌ දුරු කර දෙන මෙන් ඉල්ලා සිටිමින් පහත දැක්‌වෙන ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය 21 වරක්‌ ගායනා කිරීමෙන් සියලු දෝෂ දුරුකර ගනිමින් ඔබට සෙත සහනය ශාන්තිය උදාකර ගනිමින් සතුටින් ජීවත්වීමේ භාග්‍යය උදාවනු නියතය.
ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය
නීලාංජන සෞගත ශ්‍රී නාරායන දේවම්
 
ශ්‍රිකාන්තා වක්‌ෂස්‌ථල නිත්‍යවාස භූතම්
 
ශ්‍රී හස්‌තායුධ යුග්මාධර කමලා නේත්‍රම්
 
ප්‍රණම්‍ය සතකං හරිහරදේව පාද පද්මං
 
ශංබෝධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්
 
ගංගාධර ප්‍රියංගනා භාතෘ දේව රාඥම්
 
ශාරීරික නීලාඤ්ජන වර්ණ ජ්‍යෙdaති වර්ණමි
 
ප්‍රණමාමිත විෂ්ණුදේව ශාන්ති දාන නිත්‍යම්
 
ශ්‍රී ගෞතම ශාසන රක්‍ෂිත කෘත භූවනත්‍රම්
 
ශ්‍රී ලංකා ධරණීතල රක්‍ෂිත ජන ගහනම්
 
ශ්‍රී සෞගත දේවාසුර නර මස්‌තක පාදම්
 
සඡ්ජිත ශ්‍රී කෘෂ්ණ දේව ආයුවර්ණ දානම්
 
ශ්‍රී ගණ ශ්‍රී ධර්ම සංඝ පූජන ශ්‍රී පුණ්‍යම්
 
ශ්‍රී නර ශ්‍රී දිව්‍ය චක්‍ෂුධර උපෙන්ද්‍ර දිව්‍යම්
 
සර්වොපද්‍ර නිවාරනන්තු දේව දේව රාඥම්
 
ශ්‍රී ශාන්ති ආයුෂ ශ්‍රී සෞභාග්‍ය දානම්
 
කේශාන්තජ සීමාකෘත පාදාන්කජ යුග්මං
 
රෝග අමනුෂ්‍ය දුක්‌ඛ දුර්භික්‍ෂා ප්‍රහනම්
 
ආපො තේජෝ වායො පඨවි ධාතු දේහම්
 
රක්‍ෂන්තුච විෂ්ණු දේව රාඥ පාද ප්‍රණමාම්
Divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *